Sunday, November 1, 2009

පාලක පද්දතියක ස්ථායීබව නීර්ණය කරන්නේ කෙසේද?

මීට පෙර ලිපියේදී සදහන්කළා වගේ, මුලින්ම පාලක පද්දතිය ඊට අනුරූප ගණිතමය මෙඩලයකට පරිවර්ථනය කරගන්න ඕනෑ. ඊට පස්සෙ පහත සදහන් ආකාර වලින් එකක් හෝ කීපයක් භාවිත කරල පද්දතියක ස්ථායීබව නීර්ණය කරන්න පුලුවන්. එම ආකාරනම්,

1. රූත් හාවිස්ට් ක්‍රමවේදය Routh - Harwitz stability criterion
2. සාධක_පථ විශ්ලේෂණය (Root-Locus Analysis)
3. සංඛ්‍යාත ප්‍රථිචාර විශ්ලේෂණය (Frequency Response Analysis)

‍ෙමම ක්‍රම අතරින් තුන්වන ක්‍රමවේදයේත් ආකාරයන් තුනක් කිබෙනවා. එනම්,

1. නිමිති සටහන (Bode plot)
2. නයික්වෙස්ට් සටහන (Nyquist path)
3. නිකලස් වගුව (Nichols chart)

මෙම ක්‍රමවේදයන් භාව්ත කරන්නෙ කොහොමද කියන එක ගැන මීලග ලිපියෙන් අපි සාකච්චා කරමු.

Wednesday, August 5, 2009

2005 වසරේ මා පුථම උපාධිය අවසන් කළ අවස්ථාවේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ ශිෂ්‍ය සංගමය විසින් අප වෙත පවත්වන ලද උපහාර උළෙලකදී දෙන ලද තිලිණයක තිබූ මෙම සටහන අදද මා පරිස්සම්ව තබාගෙන ඇත්තේ එය මගේ සිත් ගත් බැවිනි.


෴ ෴ ෴ ෴ ෴

නිමක් නැති පෙතක

හෙම්බත් වූ ගමනක

අවසානයේ

දැරිය නොහැකි ඵල සේ

අප දුටු දේ

සත්‍ය වනොවන බව පසක් කරමින්

අපට පෙන්වූ ආදර්ශයට

අපේ උපහාරය..........


෴ ෴ ෴ ෴ ෴

අපේක්ෂාව

1998 වසරේ මා උසස් පෙල හදාරන සමයෙහි, ආදී අනන්දීය බෞද්ධ සංගමය විසින් බෙදාහරින ලද දින දර්ශනයෙහි පසු පිටෙහි තිබූ මෙම සටහන අදද මා පරිස්සම්ව මාගේ පසුම්බියෙහි තබාගෙන ඇත්තේ එය මගේ සිත් ගත් බැවිනි.


අපේක්ෂාව



මම මගේ හදවත

වෛරයෙන් සහ ඊර්ෂාවෙන් තොර කිරීමටද

සෑම කෙනෙකු සමගම

එකමුතුකමින් ජීවත් වීමටද වෙර දරමි.

ජීවිතයේ සරුල යහපත් මෙන්ම

නිසරු, අයහපත් කාලයන්හිදී ද

බුදු සමයට සමීපව දැහැමින් දිවි ‍ෙගවමි.

මෙම ලෝකය අත්හැර යාමට සිදුවූ අවස්ථාවකදී

මෙම ලෝකය අතහැර යාමට සිදුවූ අවස්ථාවකදී

නිර්භයව හෝ කණගාටුවෙන් ‍ෙතාරව සමුගන්නෙමි.

එසේ වන්නේ,

මෙහි පැමිණියාට වඩා යහපත් කෙනෙකු වශයෙන් පිටවන නිසාය.


Saturday, April 25, 2009

භූගතය හා බන්ධනය (Grounding and bonding)

විදුලි පද්දතියකට බාහිරින් එල්ලවන බලපෑමේ ස්වභාවය අනුව විදුලි පද්දතියක් ආරක්ෂා කලයුතු කලාපයන් හතරක් හදුනාගත හැකියි. ඒවානම්,

  1. ප්‍රධාන ගොඩනැගිල්ලට පිටත කළාපය ( කළාප 0)
  2. ප්‍රධාන ගොඩනැගිල්ල හා උපකරණ කාමරය අතර කළාපය ( කළාප 1)
  3. උපකරණ කාමරය හා උපකරණ රාක්කය අතර කළාපය ( කළාප 2)
  4. උපකරණ රාක්කය ඇතුලත කළාපය ( කළාප 3)
සම විභව බැදුමක් ‍ස්ථාපනය කිරීම ( Establishing equip-potential bonding )

මෙහිදී සම විභව බැදුමක් ස්ථාපනය කිරීම ලෙස සලකන්නේ ඉහත සදහන්කල කළාපයන් වල ඇති සියලුම භූගතයන් පොදු භූගතයකට එක්ව සම්බන්ධ කිරීමයි. එවිට සර්ජණ අවස්ථාවකදී සියලු කළාපවල භූගතයන්හි විභවය සමානව ඉහල යන බැවින් කලාප අතර අධික විභව අන්තරයන් ඇතිවී සිදුවිය හැකි හානි වැලකේ.

සමස්ථයක් ලෙස ගත්විට භූගතයන් ප්‍රධාන ‍වර්ග දෙකකි.

  1. ආරක්ෂණ භූගතය
  2. සංඥා සමුද්දේශ භූගතය

භූගතයක් මගින් ප්‍රධාන පරමර්ථ කිහිපයක් සපුරා ගත හැක.

  1. විදුලි කාන්දුවකදී ඒ සදහා අඩු සම්භාධන මාර්ගයක් සකසා දීම.
  2. පුද්ගල අනතුරු අවම කර ගැකීම.
  3. ගිනි අනතුරු වලකා ගැනීම
  4. සර්ජනයන්ගෙන් ආරක්ෂා වීමට.
  5. විදුලි ගිගුම් (Electrical noise) පාලනය



Tuesday, April 21, 2009

පාලන පද්දතියක් ගණිතමය මොඩලයකින් නිරූපනය කිරීම.

පාලන පද්දතියක් ස්ථායීද? නැතිනම් අස්ථායීද? යන්න තීරණය කරීමට එය ගණිතමය නිරූපකයක් (Model) බවට පරිවර්තනය කරන්න අවශ්‍යයයි. පාලන පද්දතියක් ගණිතමය නිරෑපකයක් (Model) බවට පරිවර්තනය කරන්නෙ කොහොමද කියන එකයි මෙතන පැහැදිලි කරන්න යන්නෙ.

මම මේක උදාහරණ කීපයක් අරගෙන මෙතන පැහැදිලි කරනවා.

මෙතන මම සම්පූර්ණ පාලන පද්දතියක් ගණිතමය නිරෑපකයක් ලෙස පරිවර්තනය කරන එක ගැන කතාකරන්නෙ නෑ. නමුත් පාලන පද්දතියක තිබිය හැකි උපාංග කිහිපයකි උදාහරණ ලෙස සලකා බලමු.

දැන් පහත දැක්වෙන දුනු හා ස්කන්ධ සැකසුම සලකා බලමු.


දැන් එක් එක් ස්කන්ධයන් සදහා F = ma සමීකරණය ආදේශ කරමු.

m1 ස්කන්ධය සලකමු


m1 ස්කන්ධය ප්‍රධාන බල දෙකක් ක්‍රියා කරයි. එනම්, k1 හා k2 දුණු නියතයන් සහිත දුණු මගින් ඇතිකරන බලයි.

දුන්නක් මගින් ඇතිකරන බලය සදහා සමීකරණය හුක් නියමය භාවිතයෙන් පහත පරිදි ලිවිය හැක.


දුන්න මගින් ඇතිකරන බලය = දුණු නියතය × දුන්නේ විස්ථාපනය

F = k × u


දැන් m1 ස්කන්ධය සදහා සමීකරණය ලියමු.

එලෙසම m2 ස්කන්ධය සදහා සමීකරණය

මෙම සමීකරණ දෙක ඉහත සැකසුමෙහි ගණිතමය නිරූපකයන් (Mathematical Model) ලෙස සැලකිය හැකියි.


Friday, April 17, 2009

අපි නොදන්න සුමිත් වගුව

ඇත්තටම මෙතන සුමිත් වගුව කියල කිව්වට එහෙම එකක් නෑ. මම මෙතන කතා කරන්න යන්නෙ Smith Chart එක ගැන. මේ Smith Chart ගැන මම මුලින්ම ඉගෙනගත්තෙ රැහැන් සම්ප්‍රේෂණයෙදි (Line Transmission). කැම්පස් එකේදි ගොඩක් කොල්ලො කිව්වෙ මේකට සුමිත් වගුව කියල. ඒක හින්ද මමත් මෙතන පහසුවට Smith Chart වෙනුවට සුමිත් වගුව කියන පදය පාවිච්චි කරනව. නමුත් නියම වචනය ඒක නොවෙයි.

අපි දන්නව රැහැන් සම්ප්‍රේෂණයෙදි සංග‍‍දාවක් ප්‍රභවයේ (Source) සිට භාරයට (Load) එකට සම්ප්‍රේෂණය කරනවිට ඡව හානියකින් තොරව සම්ප්‍රේෂණය සදහා ඒවායේ සම්භාදනයන් සමාන වීම ඉතා වැදගත්. එසේ සමාන නොවන අවස්ථාවලදී ස්ටබ් (Stubs) පාව්ච්චිකරන්න සිද්ද වෙන‍වා. එතකොට එම ස්ටබ් එකේ දිග සහ ස්ටබ් එකට තියෙන දුර හොයාගන්න සමීකරන භාවිත කරල දීර්ඝ හා වෙහෙසකර ගණිතමය සුලු කිරීමක් සිදුකරන්න වෙනවා. නමුත් සුමිත් වගුව භාව්ත කරල මේ දේම ප්‍රස්ථාරික ක්‍රම වේදයකින් ඉතා පහසුවෙන් කරන්න පුලුවන්.

සුමිත් වගුවක දල සටහනක් පහත දැක්වෙන‍වාග

පල්ලිය අතුගෑම

ඕනෑම අවාසිදායක තත්වයක් වාසිදායක තත්වයට හරවන්නේ කොහොමක?

එක දිගටම විෂයකරැනුම ලියන්න බැරි හින්ද දැන් මම ලෑස්තිවෙන්නෙ පොඩි කථාවක් කියන්න. මේ කථාව ගොඩක් අය අහල ඇති. ඒත් මේකෙන් ගන්න තියෙන පාඩමේ වැදගත්කමනං කියල නිමකරන්න බෑ.

කථාව මෙන්න මෙහෙමයී.

මේ සිද්දිය වෙලා තියෙන්නේ ඇමරිකාවෙ. ඇමරිකාවෙ එක්තරා ප්‍රදේශයක පල්ලියක, පුද්ගලයෙක් හිටිය. පල්ලියේ ෆාදර්ට ඕනවුණා මේ පුද්ගලයට ලියන්න කියන්න උගන්වන්න. ඒත් කොච්චර උත්සහ කලත් මේ මනුස්සයට උගනවන්න බෑ.බැරිම තැන ෆාදර් මේ මනුස්සයට කිව්ව ලියන්න කියන්න ඉගෙනගත්තෙ නැත්තම් පල්ලියෙන් එලවනවා කියල. ඒත් මේ මනුස්සයට ඉගෙනගන්න බැරිවුණා. ෆම් මනුස්සයට දැන් ඉන්න හිටින්නවත් කන්න බෙන්නවත් විදිහක් නෑ. මේ මනුස්සය ගාව පල්ලියේ ඉදිද්දි ඉතිරිකරගත් මුදලක් තිබුණා. එයා ඒකෙන් සුරැට්ටු කීපයක් අරගෙන ඇවිත් පල්ලිය ඉස්සරහ සුලු ලාබයක් තියාගෙන විකිනුවා. ඔහුගෙ ඒ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවුණා. කාලයක් ගතවුණා. ඔහු එම ප්‍රදේශයේ ඉන්න හොදම ව්‍යාපාරිකයා වුණා.

එමනිසා දවසක් ඔහුට ගුවන් විදුලියේ සාකච්චාවනට ආරාධනයක් ලැබුණා. සාකච්චාවේ බොහෝ දේ කථාකර අවසානයේ නිවේදකය ඇහුවා ඔහුගේ අධ්‍යාපනය ගැන. ඔහු කිද්දා ඔහු ලියන්න කියන්නවත් දන්නෙ නෑ කියල.

නිවේදකයා විමතියට පත්වෙලා කිච්චා " මට හිතාගන්න බෑ ඔබ ලියන්න කියන්නවත් දන්නෙ නැතුව මෙච්චර දුර ආවනම් ඔබ ඉගෙනගත්තා නම් කොහේ ඉදීවිද කියල.

එතකොට මේ මනුස්සය හිනාවෙලා කියනවා මම නම් දන්නවා, එහෙනම් මම තාමත් පල්ලිය අතුගානවා තියල.

සිංහල ලිවීමේ අමාරැව

වැඩිවුන නිසා අමාරැව සිංහල ලිවීමට

කෙටවා අකුරැ ගලපා පද වැල් යසට

නොතේරෙන නිසා ලී එක් ‍ෙදයක්වත් මෙලෝ එකෙකකුට

නැත ප්‍රතිචාර දුක්විද ලියූ වත් එක් අකුරකට

පාලන පද්දති (Control systems)

මේකත් මම කලින් ලියපුව වගේම ටිකක් අමුතු විදිහේ මාතෘකාවක්. ඒත් මේ පාලන පද්දති කියන විෂය හරිම සිත් ගන්නා සුලු විෂයක්. මේ පාලන පද්දති (Control systems) කියන විෂය ඉගෙන ගත්තහම මේ ලෝකෙ තියෙන ඕනෑම දෙයක් ගැන තේරැම් ගන්න පහසුයි. හේතුව තමයි මේ ලෝකෙ තියෙන ඕනෑම පද්දතියක් පවතින්නෙ යම් ආකාරයක පාලන පද්දතියක පාලනයට යටත්වයි. යම් විදිහකින්යම් පද්දතියක පාලනයක් නොමැති වුනොත් එම පද්දතිය පවතින්න බෑ. මෙම සිද්ධාන්තය ස්වභාව්ක පද්දතීන්ට වගේම මිනිසා විසින් කෘතිමව නිර්මානය කරන ලද පද්දතීන්ටත් පොදුයි.

ඇත්තටම පාලන පද්දති (Control systems) කියන විෂයෙදි කරන්නෙ යම් පද්දතියක් (නිසා විසින් කෘතිමව නිර්මානය කරන ලද පද්දතීන් පමණි) ගණිතමය මොඩලයකට පරිවර්තනය කර ගෙන එහි ඇති ගණිතමය හැසිරීම අධ්‍යනය කර එම පද්දතිය තාත්වික ලෝකයෙි පවතින්නේද නැතිද යන්න නිර්නය කිරීම හා එසේ නොපවකින්නේනම් එය ස්ථායීව පවත්වා ගැනීමට කුමක් සිදුකල යුතුද යන්න නිගමනය කිරීමයි.

මෙවැනි දෙයක් සිදු කිරීමෙන් අපට ඇති වාසිය කුමක්ද?

අපි මෙහි ඇති වැදගත්කම පහත උදාහරණයෙන් තේරැම් ගන්මු.

අප රැපියල් බිලියන ගනනක් වැයකොට මිසයිලයක් නිෂ්පාදනයකර එය ප්‍රථම පර්යේෂණ ගමනේදීම විනාශ වෙනවා යැයි සිතමු. විනාශවීමට හේතුව මිසයිලය තුල උෂ්ණත්වය ඉහල යාම බව පසුව සොයා ගන්නවා. ඇත්තටම මෙවැනි දෙයක් සිදුවුනොත් රැපියල් බිලියන ගනනක් නාස්තිවෙනවා. මෙවැන්නක් වලකා ගැනීමට හැකිද? මෙවැන්නක් වලකා ගන්නේ කොහොමද?

ඇත්ත වශයෙන්ම හැකියි. පාලන පද්දති (Control systems) කියන විෂය ප්‍රයෝඡනවත් වන්නේ මෙතනදීයි. මෙහිදී මිසයිලය සැලස්ම්කල පසු එය නිෂ්ප‍ාදනයට පෙර එය ගණිතමය මොඩලයකට පරිවර්තනය කර ගෙන එහි ඇති ගණිතමය හැසිරීම අධ්‍යනය කර එම පද්දතිය තාත්වික ලෝකයෙි ස්ථායීව පවතින්නේද නැතිද යන්න නිර්නය කරනවා.

එසේ නොපවකින්නේනම් එය ස්ථායීව පවත්වා ගැනීමට කුමක් සිදුකල යුතුද යන්න නිගමනය කර සැලසුමෙහි අවශ්‍ය වෙනස්කම් කර, ඉහත ආකාරයේ අවාසනාවන්ත තත්වයන් මගහරවා ගත හැකියි.

මීලග ලිපි පෙලෙන් යම් පද්දකියක් ගණිතමය මොඩලයකට පරිවර්තනය කරපන්නේ කෙසේද, එය අධ්‍යනය කරන්නේකෙසේද යන්න සාකච්චා කෙරේ.

ආබාදිතයන්ට කෘතිම අත් පා

මට විශේෂයෙන් මේ ගැන ලියන්න හිතුනෙ, අපේ රණ විරැවන් අපේ රට සුරැකීමට ගොස් බොහෝ දෙනා ආබාධිතව ඉන්න අවදියක මේවගේ දේකට අවධාණය යොමුකරන එක හොදයි කියල හිතුනු නිසා.

කෘතිම අත් පා ගැන කතා කරද්දි ගොඩක් අයගෙ ඔලුවට එන්නෙ, කෘතිමව සාදන ලද අක්‍රිය තත්වයේ පවතින අත් පා.

ඒත් මම මෙතන කතා කරන්නෙ සාමාන්‍ය අත පය වගේම තමන්ට අවශ්‍ය පරිදි හසුරැවන්නට හැකි කෘතිම අත් පා ගැන. එහෙම කිව්වහම, ඕනම කෙනෙකුට හිතෙයි එහෙම ඒව කොහෙද තියෙන්නෙ කියල. ඇත්තටම මම මේ ගැන ලියන්නේ මේ සම්බන්ධයෙන් මටත් අත් දැකීමක් තියෙන නිසා.

මට මේ ගැන මුලින්ම කල්පනා වුනේ මම විශ්ව විද්‍යාලයේ අවසන් වසර ව්‍යාපෘතිය සදහා සුදුසු යමක් සොයමින් සිටින විට. මෙම ව්‍යාපෘතියේ දී දැනට (2005) මේ සම්බන්ධව සිදුකෙ‍රැනු පර්යේෂණ පිලිබදවත්, මිනිස් අතක ක්‍රියාකාරීත්වය පිලිබදවත් අධ්‍යනයක් කලා. මෙම ව්‍යාපෘතියේ අ‍වසාන බලාපොරොත්තුව වුනේ තාත්වික මිනිස් අතකට සමාන ක්‍රියාකාරීත්වයෙන්යුත් මොඩලයක් නිර්මානය කිරීමයි. මෙම ව්‍යාපෘතියේදී අවසාන ඉලක්කය ලගාකරගන්නට නොහැකි වුනත් එහිදී ලද අත් දැකීම ඉතාමත් වැදගත්. එම නිසා එහිදී අවධානය යොමුකල වැදගත් කරැනු කිහිපයක් මෙතන සදහන් කරන්න කැමතියි.

මෙම ‍‍ව්‍යාපෘතියේදී මූලික ‍වශයෙකන් අභියෝග දෙකක් එල්ල වුණා. ඉන් පලමු වැන්න වුනේ ආබාදිතයාගේ ඉතිරිව ඇති අත් කොටසින් කෘතිම අත පාලනය කිරීම සදහා අවශ්‍යවන සංග‍‍‍දාවක් වර්ධනය කරගැනීම.

දෙවන අභියෝගය වුනේ මෙම කෘතිම අත ඉතා සැහැල්ලුවට නිර්මානය කිරීම.

ඇත්තටම මම මෙම ව්‍යාපෘතිය සිදුකරන කාලය වන විට (වසර 2005) මේ සම්බන්ධව ලෝකයේ සිදුකර තිබු පර්යේෂණ තිබුනෙත් බොහොම ප්‍රාථමික අවධියක. කොහොම වුනත් ආබාදිතයාගේ ඉතිරිව ඇති අත් කොටසින් කෘතිම අත පාලනය කිරීම සදහා අවශ්‍යවන සංග‍‍‍දාවක් වර්ධනය කරගැනීම ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් ගැන අවධානය ‍යොමු වුණා.

ඉන් පලමු ක්‍රමය වුනේ ඉලෙක්ට්‍රෝඩ මගින් අත්කොටසෙහි ඇති සංගදා ලබාගෙන වර්ධනය නරගැනීම. දෙවෙනි ක්‍රමය වුනේ ඉතිරිව ඇති අත් කොටයේ ඇති මාංශපේශීන්ගේ වලනයන් මගින් සංග‍‍‍දාවක් ලබාගෙන වර්ධනය කරගැනීම.

මේ පිලිබද කවදුරටත් ඉදිරි ලිපියකදී සාකචච්චා කෙරෙනවා.

සර්ඡණ ආරක්ෂණ පද්දති (Surge Protection System )

මෙච්චර වෙලා මම කතා කලේ බල ආරක්ෂණය ගැන. නමුත් මම මෙතන කතා කරන්න යන්නෙ සර්ඡණ ආරක්ෂණ පද්දති නැත්තම් Surge Protection System ගැන.

කලින් කිව්ව වගේම සර්ඡණ ආරක්ෂණ පද්දතියකුත් ප්‍රධාන කොටස් දෙකයි. ඒ තමයි,

  1. සර්ඡණ ආරක්ෂණ උපකරණ (Surge Protection Device)
  2. භූගත පද්දතිය. (Earthing System)
මේ ගැන වැඩි දුර පසුව කථා කරමු.

බල ආරක්ෂණ පද්දතියක් හදුනා ගනිමු.

දැනට අපි බල ආරක්ෂණ පද්දතියක් කියන්නෙ කුමක්ද, එමගින් පද්දතියත් ඒහා සම්බන්ධ වූ උපකරනත්, එය භාවිත කරන අයත්, ආරක්ෂා කරගන්න බලාපොරොත්තු වන පද්දතියකට බාහිරින් ඇතුලුවන හානිකර දේ මොනවාද කියල සන්නවා.

මේ විදිහට බල පද්දතියක් ක්‍රියාත්මක වෙන්න එවැනි පද්දතියක තිබිය යුතු ගුණාංග මොනවාද?

ඕනෑම බල ආරක්ෂණ පද්දතියක් කොටස් දෙකකින් යුක්තයි.

  1. විදුලි පද්දතියට එල්ල වී ඇති තර්ඡනය හදුනා ගැනීමේ පද්දතිය
  2. අනවශ්‍ය දේ ඉවත්කරන පද්දතිය
මීලග කොටසින් මෙම පද්දති හදුනා ගනිමු.

විදුලි පද්දතියකට බාහිරින් ඇතුලුවන හානිකර දේ මොනවාද?

ඕනෑම කෙනෙකුට විදුලි පද්දතියකට බාහිරින් ඇතුලුවන හානිකර දේ මොනවාද කියල ඇහුවොත් මතක් වෙන්නෙ විදුලි පද්දතීන්ට හානිකර සර්ඡණයන් පමනයි.

ඒත් ඇත්තටම ඊට අමතරවත් විදුලි පද්දතියකට බාහිරින් ඇතුලුවන හානිකර බොහෝ දේ තියනවා. ඒවානම්

  1. විදුලි දෝශ නිසා ඇතිවන ධාරා (Fault current)
  2. සර්ඡනයන් (Surges)
  3. ක්ෂනික විදුලි උච්චාවචනයන් (Spikes)
  4. ප්‍රසංවාදය (harmonics)
  5. අසමතුලිතතා (Unbalance)
මීලගට අපි සලකා බලමු මේවා මගහැර ගන්නෙ කොහොමද කියල.

බල ආරක්ෂණයට කෙටි හැදින්වීමක්

මම සීට කලින් ලිපියකදි බල ආරක්ෂණයේ භාවිතවන ප්‍රමිතීන් ගැන කෙටියෙන් කතා කලා. ඒත් ඒක මුලින්ම බලන කෙනෙකුට වැටහෙන්නෙ නෑ. ඒ නිසා මෙම ලිපියෙන් ඒ ගැන සරලව කථා කරන්නයි බලා පොරොත්තුව.

අපි දන්නවා ඕනෑම ස්‍වභාවික හෝ මිනිසා විසින් ගොඩනගන ලද පද්දතියක් ගත්තොත් එම පද්දතිය, එම පද්දතියට බාහිරින් ඇතුලුවන හානිකර දේ වලින් බේරගන්න ක්‍රම වේදයන් තියෙනවා. උදාහරනයක් හැටියට පරිගණකයකට ඊට බාහිරින් ඇතුලුවන වයිරස් වලින් ආරක්ෂා වෙන්න වයිරස් ගාඩ් තියෙනවා. අපේ මිනිස් සිරැර ගත්තොත් ඊට බාහිරින් ඇතුලුවන රෝගකාරක වලින් මිදෙන්න ප්‍රතිශක්තිකරන පද්දතියක් තියෙනවා.

ගොඩක් දෙනා සන්නෙ නැති වුනත් අපි භාවිත කරන විදුලි පද්දතිත් ඒවගෙයි. මේ විදිහට විදුලි පද්දතිත්එම පද්දතියට බාහිරින් ඇතුලුවන හානිකර දේ වලින් බේරගන්න ක්‍රම වේදයට අපි බල ආරක්ෂණ පද්දතියක් ලෙස හදුන්වනවා.

මීලග ලිපියෙන් මෙසේ විදුලි පද්දතියකට බාහිරින් ඇතුලුවන හානිකර දේ මොනවාද කියල හොයල බලමු.

Tuesday, March 31, 2009

බල ආරක්ෂණයේදී භූගතය සදහා අදාලවන ප්‍රමිතීන්

මෙම කෙටි ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ බල ආරක්ෂණයේදී භාවිත නරන භූගතය සදහා අදාලවන ප්‍රමිතීන් කිහිපයක් හදුන්වා දෙන්නයි.

මෙලෙස බල ආරක්ෂණයේදී භාවිත නරන භූගතය සදහා අදාලවන ප්‍රමිතීන් පහත පරිදි ලැයිස්තු ගතකල හැකියි.

උපපොල සදුහා - IEEE 80 2000
බලාගාර සදහා - IEEE 665 1995
කාර්මික ස්ථාපනයන් - IEEE 142 1991
භූගතය සදහා මිනුම් - IEEE 81 1993
භූගතයන් සම්බන්ධව ක්‍රියාවෙහි යෙ‍දෙවෙන රීතීන් - BS 7340 1998 /IS 2309

Thursday, March 26, 2009

IP ශ්‍රේණිගතකිරීම

මෙම ලිපියෙන් කතා කරන්න යන්නෙ IP ශ්‍රේණිගතකිරීම ගැන. IP ගැන කියපු ගමන් කාටත් මතක් වෙන්නෙ ඡාලකරනයේදී භාවිතා වන IP (ඉන්ටනෙට් ප්‍රටෝකෝල්) ලිපිනයන් ගැනයි. නමත් මම මෙතන කථා කරන්නෙ විදුලි උපකරන එහි ආරක්ෂාව අනුව වර්ග කරන්නෙ ‍ෙකාහෙ‍‍‍‍ාමද කියන එක ගැනයි (Degree of Protection). ඇත්තටම මෙතන IP අකුරැවලින් කියවෙන්නෙ Ingress Protection කියන එකයි.

විදුලි උපකරන එහි ආරක්ෂාව අනුව වර්ග කරන්නෙ IP XY ලෙසයි. මෙහි X වලින් කියවෙන්නෙ දෘඩ ද්‍රව්‍ය වලින් ආරක්ෂාව ‍ෙකාපමනද යන්නයි. මෙහි Y වලින් කියවෙන්නෙ ද්‍රව වලින් ආරක්ෂාව ‍ෙකාපමනද යන්නයි.

මෙම එක් එක් අංකයෙන් කියවෙන දේ පහත දැක්වෙනවා.



පලමු අංකය

දෘඩ ද්‍රව්‍ය වලින් ආරක්ෂාව

දෙවන අංකය

ද්‍රව වලින් ආරක්ෂාව

0

කිසිදු ආරක්ෂාවක් නැත.

0

කිසිදු ආරක්ෂාවක් නැත.

1

50 mm වලට වඩා වැඩි දෘඩ ද්‍රව්‍ය වලින් ආරක්ෂාව

1

කෙලින් වැටෙන ද්‍රව වලින් ආරක්ෂාව

2

12 mm වලට වඩා වැඩි දෘඩ ද්‍රව්‍ය වලින් ආරක්ෂාව

2


150 පමණ කෝණයකින් යුතුව විදින ද්‍රව පහරකින් ආරක්ෂාව

3


2.5 mm වලට වඩා වැඩි දෘඩ ද්‍රව්‍ය වලින් ආරක්ෂාව

3


600 පමණ කෝණයකින් යුතුව සෘඡුව විදින ද්‍රව පහරකින් ආරක්ෂාව

4


1 mm වලට වඩා වැඩි දෘඩ ද්‍රව්‍ය වලින් ආරක්ෂා

4

ඕනෑම කෝණයකින් යුතුව සෘඡුව විදින ද්‍රව පහරකින් ආරක්ෂාව

5


දූවිලි වලින් ආරක්ෂාව

5


අඩු පීඩන යුතු ඡල විදිනයකින් ඕනෑම කෝණයකින් යුතුව සෘඡුව විදින ද්‍රව පහරකින් ආරක්ෂාව

6


ඉතා සියුම් දූවිලි වලින් ආරක්ෂාව

6


අධි පීඩන යුතු ඡල විදිනයකින් ඕනෑම කෝණයකින් යුතුව සෘඡුව විදින ද්‍රව පහරකින් ආරක්ෂාව



7


15 mm සිට 1m දක්වා ගැඹුරැ ඡලයේ ගිල්ලු විට ආරක්ෂාව



8


ඉතා වැඩි වේලාවක් ගැඹුරැ ඡලයේ ගිල්ලු විට ආරක්ෂාව


උදාහරණයක් හැටියට අපි හිතමු අපි‍ ඕනැ එලියෙ සව්කරන ව්දුලි ලාම්පුවක්. එතකොට, මේ ලාම්පුව එලියෙ තියෙන දූවිල්ලෙන් සහ පින්නෙන් නැතිනම් හිරිකිඩ පහර වලින් ආරක්ෂා වෙන්න ඕනැ. දූවිලි වලින් ආරක්ෂාව සදහා වගුව අනුව X වල අගය 5 වෙන්න ඕනැ. පින්නෙන් නැතිනම් හිරිකිඩ පහර වලින් ආරක්ෂා වෙන්න නම් වගුව අනුව Y වල අගය 4 වෙන්න ඕනැ. ඒ අනුව IP 54 ශ්‍රේණියේ ව්දුලි ලාම්පුවක් එලියේ භාවිතයට සුදුසු බව පේනව.

ඊලගට අපි හිතමු අපිට ඕනැ වායුසමනය කරන ලද කාමරයක් සදහා ව්දුලි ලාම්පුවක් ගන්න. අපි දන්නවා සාමාන්‍යයෙන් වායුසමනය කරන ලද කාමරයක දූවිලි පැවතීමේ ප්‍රවනතාව ඉතා අඩුයි. එම නිසා දූවිලි වලින් වන ආරක්ෂාව ගැන හිතන්න ඕන නෑ. නමුත් ඉස්කුරැප්පු නියනක් වගේ දෙයක් වැරදීමකින් හෝ විදුලිය සහිත තැනක නොගෑවෙන පරිදි තියෙන්න ඕනැ. මේ සදහා වගුව අනු‍ෙව් X වල අගය 4 වෙන්න ඕනැ. ඒවගේම මේවගේ කාමරක ඡලය විදීමක් සිදුවෙන්න තායෙන ප්‍රවනතාව ඉතා අඩුයි. නමුත් මෙවගේ තැනක ව්දුලි ලාම්පුව මතට වායුසමන යන්ත්‍රයක ඝකීභවනය වූ ඡල බිංදු වැටෙන්න පුලුවන්. මේ වගේ දේකින් ආරක්ෂා වෙන්න නම් වගුව අනුව Y වල අගය 1 වත් වෙන්න ඕනැ. ඒ අනුව IP 41 ශ්‍රේණියේ ව්දුලි ලාම්පුවක් ඇතුලත භාවිතයට සුදුසු බව පේනව.

ඉහත උදාහරණ දෙක අනුව තමන් ගන්න විදුලි උපකරණයේ භාව්තයට අනුව නිසි IP ශ්‍රේණිය තියෙනවද කියල ඕන කෙනෙකුට හොයල බලන්න පුලුවන්.

මම හිතනව මේක කාට වුනත් වැදගත් කියල