කලින් කිව්ව වගේම සර්ඡණ ආරක්ෂණ පද්දතියකුත් ප්‍රධාන කොටස් දෙකයි. ඒ තමයි,
- සර්ඡණ ආරක්ෂණ උපකරණ (Surge Protection Device)
- භූගත පද්දතිය. (Earthing System)
මෙම වෙබ් පිටුව සකස්කරල තියෙන්නේ මම දන්න දේවල් සිංහලෙන් අන්තර් ඡාලයට එක්කරන්න. එහෙම කලාම මට හොද ආත්ම තෘප්තියක් ලැබෙනව වගේම අනෙක් අයට දැනුමත් ලැබෙනව.
මෙම වෙබ් අඩව්ය ව්ශේෂයෙන්ම හදල තියෙන්නෙ මම දන්න දැනුම අනෙක් අයට සිංහලෙන් කියල දෙන්න. ව්ශේෂයෙන් තාක්ෂනික දැනුම සිංහලෙන් හුවමාරු කරන එක ලේසි නෑග. හේතුව තමයි එම තාක්ෂනික යෙදුම් වලට සිංහල වචන හොයන එක අමාරු වීම. ඒ කොහෙම වුනත් අදහස් හුවමාරුවට තමුන්ගෙ මවුබස තරම් උච්ත දෙයක් තවත් නැහැ. ව්ශේෂයෙන් දියුණු ජාතීන් තම දැනුම හුවමාරු කරගන්නෙ තම මව් බසින්. ඒ නිසාම ඔවුන් තම දැනුම ඉතා කාර්ය්යක්ෂම හා නිවැරදි ව්දිහට හුවමාරු කරගන්නවා. නමුත් අපේ රටේ බොහෝ තාක්ෂණය හා බැදුනු උසස් අධ්‍යපන ආයතන තම ඉගැන්නුම් කටයුතු සිදුකරන්නෙ ඉංග්‍රීසි වලින්. ඒත් මේවට එන දුශ්කර පලාත්වල ව්තරක් නොවෙයි නගර වල ලමයින්ටත් ඉංග්‍රීසි හරියට බෑ. ඒ නිසා මෙම ආයතන වල කොච්චර උත්සාහ කලත් ඒවායෙ ඉන්න දේශකයො කැඩිච්ච ඉංග්‍රීසි වලින් කියන දේවල් මේ ශිෂ්‍යයින්ට හරියට ඉගෙන ගන්න බෑ. ඒ අය කරන්නෙ ව්ශ්ව ව්ද්‍යාලයෙ ඉන්නකම්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න උත්සාහ කරන එක. ප්රථිඵලය තමයි බාගෙට තාක්ෂණික දැනුමත් බාගෙට ඉංග්‍රීසිත් ඉගෙනගත්ත පිරිසක් බිහිවීම. මේකට පිලියම් වශයෙන් සමහරු කරන්නෙ පොඩිකාලෙ ඉදල ඉංග්‍රීසි උගන්නන එක. නමුත් අපි ඕන කෙනෙක්ගෙන් අහල බැලුවොත් ඒ අය වැඩියෙන්ම ඉෙගනනෙ තියෙන ව්ෂය මොකක්ද කියල, ඕන කෙනෙක් කියයි ඉංග්‍රීසි කියල. ඒත් බැරිත් ඒකම තමයි. බොහෝ දෙනා මේකට හේතුව වශයෙන් දකින්නෙ අපේ රටේ ඉංග්‍රීසි කතා කරන පරිසරයක්, එසේත් නැතිනම් ඉංග්‍රීසි සංස්කෘතියක් නැති වීම. ඒක හින්ද අම්මල තාත්තල අයියල අක්කල එකතුවෙලා කැඩිච්ච ඉංග්‍රීසි කතා කරකර සංස්කෘතිය වෙනස්කරල හරියන්නෙ නෑ.
ඒ හින්ද මම ආරාධනය කරනවා සියලුම දෙනාට තමන් දන්න දේ හැකි පමණ අනෙක් අයට ප්‍රයෝජන වන ආකාරයට සිංහලෙන් ලියා තබන්න කියල.
No comments:
Post a Comment