Showing posts with label බල ආරක්‍්‍ණය. Show all posts
Showing posts with label බල ආරක්‍්‍ණය. Show all posts

Saturday, April 25, 2009

භූගතය හා බන්ධනය (Grounding and bonding)

විදුලි පද්දතියකට බාහිරින් එල්ලවන බලපෑමේ ස්වභාවය අනුව විදුලි පද්දතියක් ආරක්ෂා කලයුතු කලාපයන් හතරක් හදුනාගත හැකියි. ඒවානම්,

  1. ප්‍රධාන ගොඩනැගිල්ලට පිටත කළාපය ( කළාප 0)
  2. ප්‍රධාන ගොඩනැගිල්ල හා උපකරණ කාමරය අතර කළාපය ( කළාප 1)
  3. උපකරණ කාමරය හා උපකරණ රාක්කය අතර කළාපය ( කළාප 2)
  4. උපකරණ රාක්කය ඇතුලත කළාපය ( කළාප 3)
සම විභව බැදුමක් ‍ස්ථාපනය කිරීම ( Establishing equip-potential bonding )

මෙහිදී සම විභව බැදුමක් ස්ථාපනය කිරීම ලෙස සලකන්නේ ඉහත සදහන්කල කළාපයන් වල ඇති සියලුම භූගතයන් පොදු භූගතයකට එක්ව සම්බන්ධ කිරීමයි. එවිට සර්ජණ අවස්ථාවකදී සියලු කළාපවල භූගතයන්හි විභවය සමානව ඉහල යන බැවින් කලාප අතර අධික විභව අන්තරයන් ඇතිවී සිදුවිය හැකි හානි වැලකේ.

සමස්ථයක් ලෙස ගත්විට භූගතයන් ප්‍රධාන ‍වර්ග දෙකකි.

  1. ආරක්ෂණ භූගතය
  2. සංඥා සමුද්දේශ භූගතය

භූගතයක් මගින් ප්‍රධාන පරමර්ථ කිහිපයක් සපුරා ගත හැක.

  1. විදුලි කාන්දුවකදී ඒ සදහා අඩු සම්භාධන මාර්ගයක් සකසා දීම.
  2. පුද්ගල අනතුරු අවම කර ගැකීම.
  3. ගිනි අනතුරු වලකා ගැනීම
  4. සර්ජනයන්ගෙන් ආරක්ෂා වීමට.
  5. විදුලි ගිගුම් (Electrical noise) පාලනය



Friday, April 17, 2009

සර්ඡණ ආරක්ෂණ පද්දති (Surge Protection System )

මෙච්චර වෙලා මම කතා කලේ බල ආරක්ෂණය ගැන. නමුත් මම මෙතන කතා කරන්න යන්නෙ සර්ඡණ ආරක්ෂණ පද්දති නැත්තම් Surge Protection System ගැන.

කලින් කිව්ව වගේම සර්ඡණ ආරක්ෂණ පද්දතියකුත් ප්‍රධාන කොටස් දෙකයි. ඒ තමයි,

  1. සර්ඡණ ආරක්ෂණ උපකරණ (Surge Protection Device)
  2. භූගත පද්දතිය. (Earthing System)
මේ ගැන වැඩි දුර පසුව කථා කරමු.

විදුලි පද්දතියකට බාහිරින් ඇතුලුවන හානිකර දේ මොනවාද?

ඕනෑම කෙනෙකුට විදුලි පද්දතියකට බාහිරින් ඇතුලුවන හානිකර දේ මොනවාද කියල ඇහුවොත් මතක් වෙන්නෙ විදුලි පද්දතීන්ට හානිකර සර්ඡණයන් පමනයි.

ඒත් ඇත්තටම ඊට අමතරවත් විදුලි පද්දතියකට බාහිරින් ඇතුලුවන හානිකර බොහෝ දේ තියනවා. ඒවානම්

  1. විදුලි දෝශ නිසා ඇතිවන ධාරා (Fault current)
  2. සර්ඡනයන් (Surges)
  3. ක්ෂනික විදුලි උච්චාවචනයන් (Spikes)
  4. ප්‍රසංවාදය (harmonics)
  5. අසමතුලිතතා (Unbalance)
මීලගට අපි සලකා බලමු මේවා මගහැර ගන්නෙ කොහොමද කියල.

බල ආරක්ෂණයට කෙටි හැදින්වීමක්

මම සීට කලින් ලිපියකදි බල ආරක්ෂණයේ භාවිතවන ප්‍රමිතීන් ගැන කෙටියෙන් කතා කලා. ඒත් ඒක මුලින්ම බලන කෙනෙකුට වැටහෙන්නෙ නෑ. ඒ නිසා මෙම ලිපියෙන් ඒ ගැන සරලව කථා කරන්නයි බලා පොරොත්තුව.

අපි දන්නවා ඕනෑම ස්‍වභාවික හෝ මිනිසා විසින් ගොඩනගන ලද පද්දතියක් ගත්තොත් එම පද්දතිය, එම පද්දතියට බාහිරින් ඇතුලුවන හානිකර දේ වලින් බේරගන්න ක්‍රම වේදයන් තියෙනවා. උදාහරනයක් හැටියට පරිගණකයකට ඊට බාහිරින් ඇතුලුවන වයිරස් වලින් ආරක්ෂා වෙන්න වයිරස් ගාඩ් තියෙනවා. අපේ මිනිස් සිරැර ගත්තොත් ඊට බාහිරින් ඇතුලුවන රෝගකාරක වලින් මිදෙන්න ප්‍රතිශක්තිකරන පද්දතියක් තියෙනවා.

ගොඩක් දෙනා සන්නෙ නැති වුනත් අපි භාවිත කරන විදුලි පද්දතිත් ඒවගෙයි. මේ විදිහට විදුලි පද්දතිත්එම පද්දතියට බාහිරින් ඇතුලුවන හානිකර දේ වලින් බේරගන්න ක්‍රම වේදයට අපි බල ආරක්ෂණ පද්දතියක් ලෙස හදුන්වනවා.

මීලග ලිපියෙන් මෙසේ විදුලි පද්දතියකට බාහිරින් ඇතුලුවන හානිකර දේ මොනවාද කියල හොයල බලමු.

Tuesday, March 31, 2009

බල ආරක්ෂණයේදී භූගතය සදහා අදාලවන ප්‍රමිතීන්

මෙම කෙටි ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ බල ආරක්ෂණයේදී භාවිත නරන භූගතය සදහා අදාලවන ප්‍රමිතීන් කිහිපයක් හදුන්වා දෙන්නයි.

මෙලෙස බල ආරක්ෂණයේදී භාවිත නරන භූගතය සදහා අදාලවන ප්‍රමිතීන් පහත පරිදි ලැයිස්තු ගතකල හැකියි.

උපපොල සදුහා - IEEE 80 2000
බලාගාර සදහා - IEEE 665 1995
කාර්මික ස්ථාපනයන් - IEEE 142 1991
භූගතය සදහා මිනුම් - IEEE 81 1993
භූගතයන් සම්බන්ධව ක්‍රියාවෙහි යෙ‍දෙවෙන රීතීන් - BS 7340 1998 /IS 2309