skip to main |
skip to sidebar
බොහෝ දෙනෙක් තමන්ගෙ ඉංඡිනේරැ උපාධිය අවසන් කර ඉතා හොද දැනුමක් සහිතව කනිශ්ඨ ඉංඡිකේරැවන් ලෙස ක්ෂත්‍රයට පිවිසුනත්, එහිදී කටයුතු කලයුතු ආකාරය ගැන හරි අවබෝධයක් නැති නිසා තමන්ගේත්, තම වෘතියේත් කීර්ති නාමයට හානි කරගන්නවා.
ඒ නිසා මම කල්පනා කළා ඒ ගැන ලියන එක හොදයි කියල. මේ ගැන නොයෙකුත් විදිහෙ ඉංඡ්නේරැ ආයතන විසින් තම සාමාඡිකයන්ට පිලිපැදීමට විනය මාලාවන් (Code of Ethics or Code of Practice ) පවා පනවා තිබෙනවා.
උදාහරන වශයෙන් එංගලන්තයේ රාඡකීය ඉදඡිනේරැ ඇකඩමිය සහ එංගලන්තයේ ගොඩනැගිලි සේවා පිලිබද වරලත් ඉංඡිනේරැවන්ගේ ආයතනය විසින් හදුන්වා දී අති විනය මාලාවන්දැක්විය හැකියි.
එයින් උපුටාගත් රීති මාලාවන් කිහිපයක් පහත පරිදි වේ.
තත්වය හා නිවැරදි බව
- සැමවිටම නිසි දැනුම හා කුසලතාව සමගින් ප්‍රවේශම්කාරී ලෙස කටයුතු කරන්න.
- තමන්ට දැනුම හා කුසලතාව තිබෙන විශය ක්ෂත්‍රයෙහි පමනක් කටයුතු කරන්න.
- තම දැනුම සැමවිටම යාවත්කාලීන කරගන්න. අන්අයට ඒ සදහා උදව්වන්න.
- ඉංඡිනේරැමය කරැණු පිලිබද අන් අය දැනුවත්ව නොමග නොයවන්න. අන් අයටද එසේ කිරීමට ඉඩ නොදෙන්න.
- ඉංඡිනේරැමය න්‍යායන් හා සාක්ෂි අවංකව, නිවැරදිව සහ අපක්ෂපාතීව අන් අයට ඉදිරිපත්කරන්න.
- සිදුවිය හැකි අවදානම් හදුනාගෙන නිසි ඇගයීමක් කරන්න.
අවංකබාවය සහ එකමුතුබව
- තමන්ගේ වැඩ අන්අයට හිරිහැරයක්ද යන්න විමසිලිමත් වන්න. සැමවිටම අන්අයගේ අයිතීන්ට සහ තත්වයට ගරැ කරන්න.
- දූෂණ ක්‍රියා සහ අයතා ක්‍රියාවලින් වලකින්න.
- අල්ලස් සහ අයථා බලපෑම් පිටු දකින්න.
- තම සේවා දායකයාට විශවාසනීය ලෙස කටයතු කරන්න.
ඡීවිත, දේපල සහ නීතියට ගරැ කිරීම
- සියලු වැඩ නීත්‍යානුකූල හා යුක්ති සහගත බවට සහතික වන්න.
- සමාඡයට, අනාගත පරපුරට හෝ පරිසරයට වන දුර්විපාක සාධාරනීකරනය කිරීම අවම කරන්න.
- සීමිත මානව හා ස්වභාවික සම්පත් පිලිබද සැලකිලිමත් වන්න.
- අන් අයගේ ආරක්ෂාව හා සොයය්‍ය පිලිබද සැලකිලිමත් වන්න.
- ගෘරවනීයලෙස, වගකීම් සහගතව සහ නීතිගරැක ලෙස කටයුතු කරන්න. වෘත්තිය පිලිගැනීම හා කීර්තිය සුරකින්න.
මෙම වෙබ් අඩව්ය ව්ශේෂයෙන්ම හදල තියෙන්නෙ මම දන්න දැනුම අනෙක් අයට සිංහලෙන් කියල දෙන්න. ව්ශේෂයෙන් තාක්ෂනික දැනුම සිංහලෙන් හුවමාරැ කරන එක ලේසි නෑග. හේතුව තමයි එම තාක්ෂනික යෙදුම් වලට සිංහල වචන හොයන එක අමාරැ වීම. ඒ කොහෙම වුනත් අදහස් හුවමාරැවට තමුන්ගෙ මවුබස තරම් උච්ත දෙයක් තවත් නැහැ. ව්ශේෂයෙන් දියුණු ඡාතීන් තම දැනුම හුවමාරැ කරගන්නෙ තම මව් බසින්. ඒ නිසාම ඔවුන් තම දැනුම ඉතා කාර්ය්‍යක්ෂම හා නිවැරදි ව්දිහට හුවමාරැ කරගන්නවා. නමුත් අපේ රටේ බොහෝ තාක්ෂණය හා බැදුනු උසස් අධ්‍යපන ආයතන තම ඉගැන්නුම් කටයුතු සිදුකරන්නෙ ඉංග්‍රීසි වලින්. ඒත් මේවට එන දුශ්කර පලාත්වල ව්තරක් නොවෙයි නගර වල කොල්ලො කෙල්ලන්ටත් ඉංග්‍රීසි හරියට බෑ. ඒ නිසා මෙම ආයතන වල කොච්චර උත්සාහ කලත් ඒවායෙ ඉන්න දේශකයො කැඩිච්ච ඉංග්‍රීසි වලින් කියන දේවල් අපේ කොල්ලො කෙල්ලන්ට හරියට ඉගෙන ගන්න බෑ. ඒ අය කරන්නෙ ව්ශ්ව ව්ද්‍යාලයෙ ඉන්නකම්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න උත්සාහ කරන එක. ප්‍රථිඵලය තමයි බාගෙට තාක්ෂණික දැනුමත් බාගෙට ඉංග්‍රීසිත් ඉගෙනගත්ත පිරිසක් බිහිවීම. මේකට පිලියම් වශයෙන් සමහරැ කරන්නෙ පොඩිකාලෙ ඉදල ඉංග්‍රීසි උගන්නන එක. නමුත් අපි ඕන කෙනෙක්ගෙන් අහල බැලුවොත් ඒ අය වැඩියෙන්ම ඉෙගනනෙ තියෙන ව්ෂය මොකක්ද කියල, ඕන කෙනෙක් කියයි ඉංග්‍රීසි කියල. ඒත් බැරිත් ඒකම තමයි. බොහෝ දෙනා මේකට හේතුව වශයෙන් දකින්නෙ අපේ රටේ ඉංග්‍රීසි කතා කරන පරිසරයක්, එසේත් නැතිනම් ඉංග්‍රීසි සංස්කෘතියක් නැති වීම. ඒක හින්ද අම්මල තාත්තල අයියල අක්කල එකතුවෙලා කැඩිච්ච ඉංග්‍රීසි කතා කරකර සංස්කෘතියත් ව්නාශකරල හරියන්නෙ නෑ. එහෙම වුනොත් මේකත් හරියට කැකිල්ලේ රඡඡුරැවන්ගේ නඩු තීන්දුව වගේ වෙනව.
ඒ හින්ද මම ආරාධනය කරනවා සියලුම දෙනාට තමන් දන්න දේ හැකි පමණ අනෙක් අයට ප්‍රයෝඡන වන ආකාරයට සිංහලෙන් ලියා තබන්න කියල.