Sunday, March 22, 2009

ඉංඡිනේරැවකු ලෙස....

බොහෝ දෙනෙක් තමන්ගෙ ඉංඡිනේරැ උපාධිය අවසන් කර ඉතා හොද දැනුමක් සහිතව කනිශ්ඨ ඉංඡිකේරැවන් ලෙස ක්ෂත්‍රයට පිවිසුනත්, එහිදී කටයුතු කලයුතු ආකාරය ගැන හරි අවබෝධයක් නැති නිසා තමන්ගේත්, තම වෘතියේත් කීර්ති නාමයට හානි කරගන්නවා.

ඒ නිසා මම කල්පනා කළා ඒ ගැන ලියන එක හොදයි කියල. මේ ගැන නොයෙකුත් විදිහෙ ඉංඡ්නේරැ ආයතන විසින් තම සාමාඡිකයන්ට පිලිපැදීමට විනය මාලාවන් (Code of Ethics or Code of Practice ) ප‍වා පනවා තිබෙනවා.

උදාහරන වශයෙන් එංගලන්තයේ රාඡකීය ඉදඡිනේරැ ඇකඩමිය ‍සහ එංගලන්තයේ ගොඩනැගිලි සේවා පිලිබද වරලත් ඉංඡිනේරැවන්ගේ ආයතනය විසින් හදුන්වා දී අති විනය මාලාවන්දැක්විය හැකියි.

එයින් උපුටාගත් රීති මාලාවන් කිහිපයක් පහත පරිදි වේ.

තත්වය හා නිවැරදි බව

  1. සැමවිටම නිසි දැනුම හා කුසලතාව සමගින් ප්‍රවේශම්කාරී ලෙස කටයුතු කරන්න.
  2. තමන්ට දැනුම හා කුසලතාව තිබෙන විශය ක්ෂත්‍රයෙහි පමනක් කටයුතු කරන්න.
  3. තම දැනුම සැමවිටම යාවත්කාලීන කරගන්න. අන්අයට ඒ සදහා උදව්වන්න.
  4. ඉංඡිනේරැමය කරැණු පිලිබද අන් අය දැනුවත්ව නොමග නොයවන්න. අන් අයටද එසේ කිරීමට ඉඩ නොදෙන්න.
  5. ඉංඡිනේරැමය න්‍යායන් හා සාක්ෂි අවංකව, නිවැරදිව සහ අපක්ෂපාතීව අන් අයට ඉදිරිපත්කරන්න.
  6. සිදුවිය හැකි අවදානම් හදුනාගෙන නිසි ඇගයීමක් කරන්න.
අවංකබාවය සහ එකමුතුබව

  1. තමන්ගේ වැඩ අන්අයට හිරිහැරයක්ද යන්න විමසිලිමත් වන්න. සැමවිටම අන්අයගේ අයිතීන්ට සහ තත්වයට ගරැ කරන්න.
  2. දූෂණ ක්‍රියා සහ අයතා ක්‍රියාවලින් වලකින්න.
  3. අල්ලස් සහ අයථා බලපෑම් පිටු දකින්න.
  4. තම සේවා දායකයාට විශවාසනීය ලෙස කටයතු කරන්න.
ඡීවිත‍, දේපල සහ නීතියට ගරැ කිරීම

  1. සියලු වැඩ නීත්‍යානුකූල හා යුක්ති සහගත බවට සහතික වන්න.
  2. සමාඡයට, අනාගත පරපුරට හෝ පරිසරයට වන දුර්විපාක සාධාරනීකරනය කිරීම අවම කරන්න.
  3. සීමිත මානව හා ස්වභාවික සම්පත් පිලිබද සැලකිලිමත් වන්න.
  4. අන් අයගේ ආරක්ෂාව හා සොයය්‍ය පිලිබද සැලකිලිමත් වන්න.
  5. ගෘරවනීයලෙස, වගකීම් සහගතව සහ නීතිගරැක ලෙස කටයුතු කරන්න. වෘත්තිය පිලිගැනීම හා කීර්තිය සුරකින්න.

2 comments:

Narada said...

ස්තුතියි දැනුවත් කලාට, මේ අවසන් දෙක හැම කෙනාටම වැදගත් නේද?!?

෴ .:GiniMakara :.෴ said...

වැදගත් ලිපියක් දිගටම ලියන්න.ඔබේ දැනුම අපටත් ලබාදුන්නට ස්තූතියි!