Thursday, March 5, 2009

තාක්ෂනික දැනුම සිංහලෙන් හුවමාරැ කිරීම.

මෙ‍ම වෙබ් අඩව්ය ව්ශේෂයෙන්ම හදල තියෙන්නෙ මම දන්න දැනුම අනෙක් අයට සිංහලෙන් කියල දෙන්න. ව්ශේෂයෙන් තාක්ෂනික දැනුම සිංහලෙන් හුවමාරැ කරන එක ලේසි නෑග. හේතුව තමයි එම තාක්ෂනික යෙදුම් වලට සිංහල වචන හොයන එක අමාරැ වීම. ඒ කොහෙම වුනත් අදහස් හුවමාරැවට තමුන්ගෙ මවුබස තරම් උච්ත දෙයක් තවත් නැහැ. ව්ශේෂයෙන් දියුණු ඡාතීන් තම දැනුම හුවමාරැ කරගන්නෙ තම මව් බසින්. ඒ නිසාම ඔවුන් තම දැනුම ඉතා කාර්ය්‍යක්ෂම හා නිවැරදි ව්දිහට හුවමාරැ කරගන්නවා. නමුත් අපේ රටේ බොහෝ තාක්ෂණය හා බැදුනු උසස් අධ්‍යපන ආයතන තම ඉගැන්නුම් කටයුතු සිදුකරන්නෙ ඉංග්‍රීසි වලින්. ඒත් මේවට එන දුශ්කර පලාත්වල ව්තරක් නොවෙයි නගර වල කොල්ලො කෙල්ලන්ටත් ඉංග්‍රීසි හරියට බෑ. ඒ නිසා මෙම ආයතන වල කොච්චර උත්සාහ කලත් ඒවායෙ ඉන්න දේශකයො කැඩිච්ච ඉංග්‍රීසි වලින් කියන දේවල් අපේ කොල්ලො කෙල්ලන්ට හරියට ඉගෙන ගන්න බෑ. ඒ අය කරන්නෙ ව්ශ්ව ව්ද්‍යාලයෙ ඉන්නකම්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න උත්සාහ කරන එක. ප්‍රථිඵලය තමයි බාගෙට තාක්ෂණික දැනුමත් බාගෙට ඉංග්‍රීසිත් ඉගෙනගත්ත පිරිසක් බිහිවීම. මේකට පිලියම් වශයෙන් සමහරැ කරන්නෙ පොඩිකාලෙ ඉදල ඉංග්‍රීසි උගන්නන එක. නමුත් අපි ඕන කෙනෙක්ගෙන් අහල බැලුවොත් ඒ අය වැඩියෙන්ම ඉ‍ෙගනනෙ තියෙන ව්ෂය මොකක්ද කියල, ඕන කෙනෙක් කියයි ඉංග්‍රීසි කියල. ඒත් බැරිත් ඒකම තමයි. බොහෝ දෙනා මේකට හේතුව වශයෙන් දකින්නෙ අපේ රටේ ඉංග්‍රීසි කතා කරන පරිසරයක්, එසේත් නැතිනම් ඉංග්‍රීසි සංස්කෘතියක් නැති වීම. ඒක හින්ද අම්මල තාත්තල අයියල අක්කල එකතුවෙලා කැඩිච්ච ඉංග්‍රීසි කතා කරකර සංස්කෘතියත් ව්නාශකරල හරියන්නෙ නෑ. එහෙම වුනොත් මේකත් හරියට කැකිල්ලේ රඡඡුරැවන්ගේ නඩු තීන්දුව වගේ වෙනව.

ඒ හින්ද මම ආරාධනය කරනවා සියලුම දෙනාට තමන් දන්න දේ හැකි පමණ අනෙක් අයට ප්‍රයෝඡන වන ආකාරයට සිංහලෙන් ලියා තබන්න කියල.

1 comment:

෴ .:GiniMakara :.෴ said...

අපේ රටේ විතරයි ඔය අලකලංචිය තියෙන්නෙ.මන් දන්න අනෙත් රටවල (ජපානය,ජර්මනිය...)තාක්ෂණීක දේවල් ගොඩක් ලියල තියෙන්නෙ ඒගොල්ලන්ගෙ මව් භාෂාවෙන්මයි