මූලික වශයෙන් එන්ඡින් වර්ග දෙකක් හදුනාගන්න පුලුවන්. ඒ තමයි,
- සිව්පහර එන්ඡිම සහ
- දෙපහර එන්ඡිම
- චූෂණ පහර
- සම්පීඩන පහර
- බල පහර
- පිටාර පහර
මෙම පහරවල් ගැන ඉගෙනගන්න කලින් අපි එන්ඡිමේ සිලින්ඩරයතුල පිස්ටනයේ මූලික පිහිටීම් කීපයක් ගැන ඉගෙනගන්න වෙනවෘ.
ඒ තමයි, ඉහල මුදුන් සීමාව (Top Dead Center) හෙවත් T.D.C. සහ පහල මුදුන් සීමාව (Bottom Dead Center) හෙවත්B.D.C
මෙහදී ඉහල මුදුන් සීමාව ලෙස හදුන්වන්නේ පිස්ටනයට සිලින්ඩරය තුල ගමන්කළ හැකි ඉහලම සීමාවයි. මෙහදී පහල මුදුන් සීමාව ලෙස හදුන්වන්නේ පිස්ටනයට සිලින්ඩරය තුල ගමන්කළ හැකි පහලම සීමාවයි. මෙලෙස පිස්ටනය ඉහල මුදුන් සීමාව සහ පහල මුදුන් සීමාව අතර ගමන්කරන එක් ගමන් වාරයක් පිහරක් හෙවත් ස්ට්‍රොක් (Stroke) එකක් ලෙස හදුන්වනවා.
දැන් අපි සිව්පහර එන්ඡ්මක් ක්‍රියාකරන අකාරය ගැන විමසා බලමු.
සිව්පහර එන්ඡිම (Four Stroke Engine)
මම කලින් සසහන් කළා වගේ මෙම එන්ඡිම ක්‍රියා කරන්නෙත් ප්‍රධාන වශයෙන් පහර හතරකදීයි. මෙම එන්ඡිමට සිව්පහර එන්ඡිම එන්ඡිම කියල කියන්නෙ මෙම පහර හතර එකිනෙකට ස්වායත්ත අවස්ථා හතරකදී සිදුවන නිසා. අපි දැන් මේ එක් එක් පහරෙදි සිදුවන්නෙ මොකක්ද කියල හොයල බලමු.
චූෂණ පහ
මෙම පහරෙදි සිදුවෙන්නෙ පිස්ටනය ඉහල මුදුන් සීමාවෙ සිට පහල මුදුන් සීමාව දක්වා ගමන් කිරීම. මෙසේ පස්ටනය ඉහල සිට පහලට ගමන් කරන විට සිලින්ඩරයේ පරිමාව වැඩි වන අතර පීඩනය අඩු වෙනවා. මේ වෙලාවෙදි සැපයුම් වැල්වය (Inlet Valve) ඇරී පවතිනවා.
අපි කතා කරන්නෙ පෙට්රල් එන්ඡිමක් ගැනනම්, මෙහිදී මෙම අඩු පීඩන තත්වය පුරවන්න ඉන්ධන වාත මිශ්‍රණයක් සිලින්ඩර කුටීරයට ඇදී එනවා.
අපි කතා කරන්නෙ ඩීසල් එන්ඡිමක් ගැනනම්, මෙහිදී මෙම අඩු පීඩන තත්වය පුරවන්න ඇදී එන්නෙ වාතය විතරයි.

සම්පීඩන පහර (Compression Stroke)
බල පහර (Power Stroke)

ඇත්තටම මෙම පහරෙදි තමයි ඉන්ධන වල තියෙන රසායන්ක ශක්තිය තාප ශක්තිය බවට පත්කරල ඒ තාප ශක්තිය නැවත යාන්ත්‍රික ශක්තිය බවට පත් වෙන්නෙ.
පිටාර පහර (Exhaust Stroke)
2 comments:
නියමයි. අපේ සුබපැතුම්
හංගගෙන ඉන්නෙ නැතුව තමන්ගෙ දැනුම අනුන් සමඟ බෙදා හදා ගන්න එක කොච්චර දෙයක්ද ඔබට ජය! දිගටම ලියන්න.
Post a Comment