Thursday, March 26, 2009

IP ශ්‍රේණිගතකිරීම

මෙම ලිපියෙන් කතා කරන්න යන්නෙ IP ශ්‍රේණිගතකිරීම ගැන. IP ගැන කියපු ගමන් කාටත් මතක් වෙන්නෙ ඡාලකරනයේදී භාවිතා වන IP (ඉන්ටනෙට් ප්‍රටෝකෝල්) ලිපිනයන් ගැනයි. නමත් මම මෙතන කථා කරන්නෙ විදුලි උපකරන එහි ආරක්ෂාව අනුව වර්ග කරන්නෙ ‍ෙකාහෙ‍‍‍‍ාමද කියන එක ගැනයි (Degree of Protection). ඇත්තටම මෙතන IP අකුරැවලින් කියවෙන්නෙ Ingress Protection කියන එකයි.

විදුලි උපකරන එහි ආරක්ෂාව අනුව වර්ග කරන්නෙ IP XY ලෙසයි. මෙහි X වලින් කියවෙන්නෙ දෘඩ ද්‍රව්‍ය වලින් ආරක්ෂාව ‍ෙකාපමනද යන්නයි. මෙහි Y වලින් කියවෙන්නෙ ද්‍රව වලින් ආරක්ෂාව ‍ෙකාපමනද යන්නයි.

මෙම එක් එක් අංකයෙන් කියවෙන දේ පහත දැක්වෙනවා.



පලමු අංකය

දෘඩ ද්‍රව්‍ය වලින් ආරක්ෂාව

දෙවන අංකය

ද්‍රව වලින් ආරක්ෂාව

0

කිසිදු ආරක්ෂාවක් නැත.

0

කිසිදු ආරක්ෂාවක් නැත.

1

50 mm වලට වඩා වැඩි දෘඩ ද්‍රව්‍ය වලින් ආරක්ෂාව

1

කෙලින් වැටෙන ද්‍රව වලින් ආරක්ෂාව

2

12 mm වලට වඩා වැඩි දෘඩ ද්‍රව්‍ය වලින් ආරක්ෂාව

2


150 පමණ කෝණයකින් යුතුව විදින ද්‍රව පහරකින් ආරක්ෂාව

3


2.5 mm වලට වඩා වැඩි දෘඩ ද්‍රව්‍ය වලින් ආරක්ෂාව

3


600 පමණ කෝණයකින් යුතුව සෘඡුව විදින ද්‍රව පහරකින් ආරක්ෂාව

4


1 mm වලට වඩා වැඩි දෘඩ ද්‍රව්‍ය වලින් ආරක්ෂා

4

ඕනෑම කෝණයකින් යුතුව සෘඡුව විදින ද්‍රව පහරකින් ආරක්ෂාව

5


දූවිලි වලින් ආරක්ෂාව

5


අඩු පීඩන යුතු ඡල විදිනයකින් ඕනෑම කෝණයකින් යුතුව සෘඡුව විදින ද්‍රව පහරකින් ආරක්ෂාව

6


ඉතා සියුම් දූවිලි වලින් ආරක්ෂාව

6


අධි පීඩන යුතු ඡල විදිනයකින් ඕනෑම කෝණයකින් යුතුව සෘඡුව විදින ද්‍රව පහරකින් ආරක්ෂාව



7


15 mm සිට 1m දක්වා ගැඹුරැ ඡලයේ ගිල්ලු විට ආරක්ෂාව



8


ඉතා වැඩි වේලාවක් ගැඹුරැ ඡලයේ ගිල්ලු විට ආරක්ෂාව


උදාහරණයක් හැටියට අපි හිතමු අපි‍ ඕනැ එලියෙ සව්කරන ව්දුලි ලාම්පුවක්. එතකොට, මේ ලාම්පුව එලියෙ තියෙන දූවිල්ලෙන් සහ පින්නෙන් නැතිනම් හිරිකිඩ පහර වලින් ආරක්ෂා වෙන්න ඕනැ. දූවිලි වලින් ආරක්ෂාව සදහා වගුව අනුව X වල අගය 5 වෙන්න ඕනැ. පින්නෙන් නැතිනම් හිරිකිඩ පහර වලින් ආරක්ෂා වෙන්න නම් වගුව අනුව Y වල අගය 4 වෙන්න ඕනැ. ඒ අනුව IP 54 ශ්‍රේණියේ ව්දුලි ලාම්පුවක් එලියේ භාවිතයට සුදුසු බව පේනව.

ඊලගට අපි හිතමු අපිට ඕනැ වායුසමනය කරන ලද කාමරයක් සදහා ව්දුලි ලාම්පුවක් ගන්න. අපි දන්නවා සාමාන්‍යයෙන් වායුසමනය කරන ලද කාමරයක දූවිලි පැවතීමේ ප්‍රවනතාව ඉතා අඩුයි. එම නිසා දූවිලි වලින් වන ආරක්ෂාව ගැන හිතන්න ඕන නෑ. නමුත් ඉස්කුරැප්පු නියනක් වගේ දෙයක් වැරදීමකින් හෝ විදුලිය සහිත තැනක නොගෑවෙන පරිදි තියෙන්න ඕනැ. මේ සදහා වගුව අනු‍ෙව් X වල අගය 4 වෙන්න ඕනැ. ඒවගේම මේවගේ කාමරක ඡලය විදීමක් සිදුවෙන්න තායෙන ප්‍රවනතාව ඉතා අඩුයි. නමුත් මෙවගේ තැනක ව්දුලි ලාම්පුව මතට වායුසමන යන්ත්‍රයක ඝකීභවනය වූ ඡල බිංදු වැටෙන්න පුලුවන්. මේ වගේ දේකින් ආරක්ෂා වෙන්න නම් වගුව අනුව Y වල අගය 1 වත් වෙන්න ඕනැ. ඒ අනුව IP 41 ශ්‍රේණියේ ව්දුලි ලාම්පුවක් ඇතුලත භාවිතයට සුදුසු බව පේනව.

ඉහත උදාහරණ දෙක අනුව තමන් ගන්න විදුලි උපකරණයේ භාව්තයට අනුව නිසි IP ශ්‍රේණිය තියෙනවද කියල ඕන කෙනෙකුට හොයල බලන්න පුලුවන්.

මම හිතනව මේක කාට වුනත් වැදගත් කියල



2 comments:

GNS said...

අප්පට සිරි! අපි මෙච්චර කල් බල්බ් මැන්නෙ 'වොට්' වලින් විතරයිනෙ... :D
දැන් තව එකක් :)

බොහොම ස්තුතියි...

(මේක බල්බ් වලට විතරද අදාල වෙන්නෙ?)

මංගල අබේසේකර said...

නැහැ. මේන ඕනම ‍විදුලි උපකරණයකට අදාලයි. මෙම IP ශ්‍රේණිගතකිරීම අනුව එම උපකරනය කුමන ස්ථානයක භාවිතයට සුදුසුද කියන ‍එක නිගමනය කරන්න පුලුවන්.