Saturday, April 25, 2009

භූගතය හා බන්ධනය (Grounding and bonding)

විදුලි පද්දතියකට බාහිරින් එල්ලවන බලපෑමේ ස්වභාවය අනුව විදුලි පද්දතියක් ආරක්ෂා කලයුතු කලාපයන් හතරක් හදුනාගත හැකියි. ඒවානම්,

  1. ප්‍රධාන ගොඩනැගිල්ලට පිටත කළාපය ( කළාප 0)
  2. ප්‍රධාන ගොඩනැගිල්ල හා උපකරණ කාමරය අතර කළාපය ( කළාප 1)
  3. උපකරණ කාමරය හා උපකරණ රාක්කය අතර කළාපය ( කළාප 2)
  4. උපකරණ රාක්කය ඇතුලත කළාපය ( කළාප 3)
සම විභව බැදුමක් ‍ස්ථාපනය කිරීම ( Establishing equip-potential bonding )

මෙහිදී සම විභව බැදුමක් ස්ථාපනය කිරීම ලෙස සලකන්නේ ඉහත සදහන්කල කළාපයන් වල ඇති සියලුම භූගතයන් පොදු භූගතයකට එක්ව සම්බන්ධ කිරීමයි. එවිට සර්ජණ අවස්ථාවකදී සියලු කළාපවල භූගතයන්හි විභවය සමානව ඉහල යන බැවින් කලාප අතර අධික විභව අන්තරයන් ඇතිවී සිදුවිය හැකි හානි වැලකේ.

සමස්ථයක් ලෙස ගත්විට භූගතයන් ප්‍රධාන ‍වර්ග දෙකකි.

  1. ආරක්ෂණ භූගතය
  2. සංඥා සමුද්දේශ භූගතය

භූගතයක් මගින් ප්‍රධාන පරමර්ථ කිහිපයක් සපුරා ගත හැක.

  1. විදුලි කාන්දුවකදී ඒ සදහා අඩු සම්භාධන මාර්ගයක් සකසා දීම.
  2. පුද්ගල අනතුරු අවම කර ගැකීම.
  3. ගිනි අනතුරු වලකා ගැනීම
  4. සර්ජනයන්ගෙන් ආරක්ෂා වීමට.
  5. විදුලි ගිගුම් (Electrical noise) පාලනය



No comments: