Friday, April 17, 2009

ආබාදිතයන්ට කෘතිම අත් පා

මට විශේෂයෙන් මේ ගැන ලියන්න හිතුනෙ, අපේ රණ විරැවන් අපේ රට සුරැකීමට ගොස් බොහෝ දෙනා ආබාධිතව ඉන්න අවදියක මේවගේ දේකට අවධාණය යොමුකරන එක හොදයි කියල හිතුනු නිසා.

කෘතිම අත් පා ගැන කතා කරද්දි ගොඩක් අයගෙ ඔලුවට එන්නෙ, කෘතිමව සාදන ලද අක්‍රිය තත්වයේ පවතින අත් පා.

ඒත් මම මෙතන කතා කරන්නෙ සාමාන්‍ය අත පය වගේම තමන්ට අවශ්‍ය පරිදි හසුරැවන්නට හැකි කෘතිම අත් පා ගැන. එහෙම කිව්වහම, ඕනම කෙනෙකුට හිතෙයි එහෙම ඒව කොහෙද තියෙන්නෙ කියල. ඇත්තටම මම මේ ගැන ලියන්නේ මේ සම්බන්ධයෙන් මටත් අත් දැකීමක් තියෙන නිසා.

මට මේ ගැන මුලින්ම කල්පනා වුනේ මම විශ්ව විද්‍යාලයේ අවසන් වසර ව්‍යාපෘතිය සදහා සුදුසු යමක් සොයමින් සිටින විට. මෙම ව්‍යාපෘතියේ දී දැනට (2005) මේ සම්බන්ධව සිදුකෙ‍රැනු පර්යේෂණ පිලිබදවත්, මිනිස් අතක ක්‍රියාකාරීත්වය පිලිබදවත් අධ්‍යනයක් කලා. මෙම ව්‍යාපෘතියේ අ‍වසාන බලාපොරොත්තුව වුනේ තාත්වික මිනිස් අතකට සමාන ක්‍රියාකාරීත්වයෙන්යුත් මොඩලයක් නිර්මානය කිරීමයි. මෙම ව්‍යාපෘතියේදී අවසාන ඉලක්කය ලගාකරගන්නට නොහැකි වුනත් එහිදී ලද අත් දැකීම ඉතාමත් වැදගත්. එම නිසා එහිදී අවධානය යොමුකල වැදගත් කරැනු කිහිපයක් මෙතන සදහන් කරන්න කැමතියි.

මෙම ‍‍ව්‍යාපෘතියේදී මූලික ‍වශයෙකන් අභියෝග දෙකක් එල්ල වුණා. ඉන් පලමු වැන්න වුනේ ආබාදිතයාගේ ඉතිරිව ඇති අත් කොටසින් කෘතිම අත පාලනය කිරීම සදහා අවශ්‍යවන සංග‍‍‍දාවක් වර්ධනය කරගැනීම.

දෙවන අභියෝගය වුනේ මෙම කෘතිම අත ඉතා සැහැල්ලුවට නිර්මානය කිරීම.

ඇත්තටම මම මෙම ව්‍යාපෘතිය සිදුකරන කාලය වන විට (වසර 2005) මේ සම්බන්ධව ලෝකයේ සිදුකර තිබු පර්යේෂණ තිබුනෙත් බොහොම ප්‍රාථමික අවධියක. කොහොම වුනත් ආබාදිතයාගේ ඉතිරිව ඇති අත් කොටසින් කෘතිම අත පාලනය කිරීම සදහා අවශ්‍යවන සංග‍‍‍දාවක් වර්ධනය කරගැනීම ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් ගැන අවධානය ‍යොමු වුණා.

ඉන් පලමු ක්‍රමය වුනේ ඉලෙක්ට්‍රෝඩ මගින් අත්කොටසෙහි ඇති සංගදා ලබාගෙන වර්ධනය නරගැනීම. දෙවෙනි ක්‍රමය වුනේ ඉතිරිව ඇති අත් කොටයේ ඇති මාංශපේශීන්ගේ වලනයන් මගින් සංග‍‍‍දාවක් ලබාගෙන වර්ධනය කරගැනීම.

මේ පිලිබද කවදුරටත් ඉදිරි ලිපියකදී සාකචච්චා කෙරෙනවා.

1 comment:

පොතේ ගුරා said...

එළ..තව මේ මාතෘකාව ගැන අපිව දැනුවත් ක‍රනකම් බලන් ඉන්නව!