Friday, April 17, 2009

පාලන පද්දති (Control systems)

මේකත් මම කලින් ලියපුව වගේම ටිකක් අමුතු විදිහේ මාතෘකාවක්. ඒත් මේ පාලන පද්දති කියන විෂය හරිම සිත් ගන්නා සුලු විෂයක්. මේ පාලන පද්දති (Control systems) කියන විෂය ඉගෙන ගත්තහම මේ ලෝකෙ තියෙන ඕනෑම දෙයක් ගැන තේරැම් ගන්න පහසුයි. හේතුව තමයි මේ ලෝකෙ තියෙන ඕනෑම පද්දතියක් පවතින්නෙ යම් ආකාරයක පාලන පද්දතියක පාලනයට යටත්වයි. යම් විදිහකින්යම් පද්දතියක පාලනයක් නොමැති වුනොත් එම පද්දතිය පවතින්න බෑ. මෙම සිද්ධාන්තය ස්වභාව්ක පද්දතීන්ට වගේම මිනිසා විසින් කෘතිමව නිර්මානය කරන ලද පද්දතීන්ටත් පොදුයි.

ඇත්තටම පාලන පද්දති (Control systems) කියන විෂයෙදි කරන්නෙ යම් පද්දතියක් (නිසා විසින් කෘතිමව නිර්මානය කරන ලද පද්දතීන් පමණි) ගණිතමය මොඩලයකට පරිවර්තනය කර ගෙන එහි ඇති ගණිතමය හැසිරීම අධ්‍යනය කර එම පද්දතිය තාත්වික ලෝකයෙි පවතින්නේද නැතිද යන්න නිර්නය කිරීම හා එසේ නොපවකින්නේනම් එය ස්ථායීව පවත්වා ගැනීමට කුමක් සිදුකල යුතුද යන්න නිගමනය කිරීමයි.

මෙවැනි දෙයක් සිදු කිරීමෙන් අපට ඇති වාසිය කුමක්ද?

අපි මෙහි ඇති වැදගත්කම පහත උදාහරණයෙන් තේරැම් ගන්මු.

අප රැපියල් බිලියන ගනනක් වැයකොට මිසයිලයක් නිෂ්පාදනයකර එය ප්‍රථම පර්යේෂණ ගමනේදීම විනාශ වෙනවා යැයි සිතමු. විනාශවීමට හේතුව මිසයිලය තුල උෂ්ණත්වය ඉහල යාම බව පසුව සොයා ගන්නවා. ඇත්තටම මෙවැනි දෙයක් සිදුවුනොත් රැපියල් බිලියන ගනනක් නාස්තිවෙනවා. මෙවැන්නක් වලකා ගැනීමට හැකිද? මෙවැන්නක් වලකා ගන්නේ කොහොමද?

ඇත්ත වශයෙන්ම හැකියි. පාලන පද්දති (Control systems) කියන විෂය ප්‍රයෝඡනවත් වන්නේ මෙතනදීයි. මෙහිදී මිසයිලය සැලස්ම්කල පසු එය නිෂ්ප‍ාදනයට පෙර එය ගණිතමය මොඩලයකට පරිවර්තනය කර ගෙන එහි ඇති ගණිතමය හැසිරීම අධ්‍යනය කර එම පද්දතිය තාත්වික ලෝකයෙි ස්ථායීව පවතින්නේද නැතිද යන්න නිර්නය කරනවා.

එසේ නොපවකින්නේනම් එය ස්ථායීව පවත්වා ගැනීමට කුමක් සිදුකල යුතුද යන්න නිගමනය කර සැලසුමෙහි අවශ්‍ය වෙනස්කම් කර, ඉහත ආකාරයේ අවාසනාවන්ත තත්වයන් මගහරවා ගත හැකියි.

මීලග ලිපි පෙලෙන් යම් පද්දකියක් ගණිතමය මොඩලයකට පරිවර්තනය කරපන්නේ කෙසේද, එය අධ්‍යනය කරන්නේකෙසේද යන්න සාකච්චා කෙරේ.

1 comment:

Ruwan said...

Good luck for marathon, keep going, good post..