Sunday, March 8, 2009
බල ශක්ති විගනනය (Energy Audit)
බල ශක්ති විගනනයක් කියල කියන්නෙ බල ශක්ති කලමනාකරණයේ ඉතා වැදගත් කොටසක්. මෙවැනි විගනනයකදී පහත සදහන් දෑ ගැන සොයා බැලෙනව.
1. බල ශක්තිය භාවිතා කරන්නේ කුමන කාරණා සදහාද?
2. එම අවශ්‍යතා ඉටුකරගැනීමට භාවිත කරන උපකරන මොනවාද?
3. එම අවශ්‍යතා ඉටුකරගැනීමට වෙනත් ක්‍රම තිබේද?
4. දැනට භාවිත කරන උපකරන භාවි. වන රටාව කුමක්ද?
මෙම කාරනා සොයා බැලීමෙන් අපට බල ශක්තිය ඉතිරිකරගත හැකි ආකාරයන් හදුනාගත හැකියි.
Thursday, March 5, 2009
තාක්ෂනික දැනුම සිංහලෙන් හුවමාරැ කිරීම.
ඒ හින්ද මම ආරාධනය කරනවා සියලුම දෙනාට තමන් දන්න දේ හැකි පමණ අනෙක් අයට ප්‍රයෝඡන වන ආකාරයට සිංහලෙන් ලියා තබන්න කියල.
Sunday, March 1, 2009
වායු සමීකරනයක් වැඩකරන්නෙ කොහොමද?
අපි වායු සමනය ගැන කථාකරන්න කලින් මූලික සිද්ධාන්ත කීපයක් ගැන සරලව සලකා බලමු.
අපි අපේ අතට සර්ඡිකල් ස්පිරිට් ස්වල්පයක් දැමුවහොත් සිදුවන්නේ කුමක්ද? එය ඉතා ඉක්මනින් වාෂ්ප වී යනබවත්, අතට සිසිලසක් දැනෙන බව පෙනේ. එය එසේ සිදුවන්නේ ඇයි?
ඕනෑම ද්‍රවයක් වාෂ්ප බවට පත්වීමට එහි තාපාංකයට පත් වෙන්න ඕනෑ. ඕනෑම ද්‍රවයකට තාපය ලබා දුන්විට එහි උෂ්ණත්වය ඉහල නගිනවා. ඊට පස්සේ එහි උෂ්ණක්වය එහි තාපාංකය ඉක්මවනවිට එහි අවස්ථා විපර්ය්‍යසයක් සිදුවී ද්‍රවය වායු බවට පත්වෙනවා.
ඇත්තටම මෙතනදීත් සිදුවන්නේ, සර්ඡිකල් ස්පිරිට් අතට දැමුවාම සර්ඡිකල් ස්පිරිට් අතෙහි ඇති තාපය උරාගන්නවා. මෙසේ අතේ තාපය උරාගන්නා විටයි අතට සිසිලස දැනෙන්නේ. මෙසේ අතේ තාපය එය උරා ගෙන තාපාංකයට ලගා වූ විටදී එය අවස්ථා විපර්ය්‍යසයට ලක්වෙනවා. එනම් වාෂ්පීකරණයට ලක්වෙනවා.
මෙම සිද්ධාන්තයේ විලෝමයත් ඒ වගේමයි. එනම් අපි වායු තත්වයේ පවතින දේක තාපය ඉවත්කලොත් එය එහි තාපාංකයෙන් පහලට පැමිණියවිට එය ද්‍රව බවට පත් වෙනවා.
දැන් අපි තවත් මූලධර්මයක් ගැන සොයා බලමු.
ඔබ පහත පැනයට අ.පො.ස (සා/පෙ) විද්‍ර්‍යාව ප්‍රශ්න පත්‍ර වලදී විද්‍යාත්මක හේතු පැහැදූ හැටි මතකද?
“ඡලය බදුනක් කොළඹදී රත් කරනවාට වඩා පහසුවෙන් නුවරඑළියේදී රත් කර ගතහැකියි.”
ඇත්තටම නුවරඑළියේ පීඩනය කොළඹ වායු පීඩනයට වඩා අඩුයි. පීඩනය අඩු විට ද්‍රවයක තාපාංකය පහලයි. එමනිසා කොළඹදී ඡලය වාෂ්ප වීමට 100 ට රත් කළයුතු වුවත් නුවරඑළියේදී ඊට අඩු උෂ්ණත්වයකදී ඡලය වාෂ්ප වීම සිදුවනවා.
දැන් මේ කරැණුත් හිතේ තියාගෙන, වායු සමන යන්ත්‍රයක් ක්‍රියා කරන්නෙ කොහොමද කියල බලමු.
වායු සමන යන්ත්‍රයක් මූලික කොටස් හතරකින් යුක්තයි. එනම්,
- කන්ඩෙන්සරය හෙවත් ඝනීභවකය
- එවැපරේටරය හෙවත් වාශ්පීකාරකය
- කම්ප්‍රෙෂරය හෙවත් සම්පීඩකය
- එක්ස්පෑන්ෂන් වැල්වය හෙවත් ප්‍රසාරණ වැල්වය
මෙම කොටස් පහත පරිදි සම්බන්ධකර ශීතකාරක පරිපථය සකසා ඇත.
දැන් අපි මෙම ශීතකාරක පරිපථය ක්‍රියා කරන්නේ කොහොමද කියල බලමු.
මෙම ශීතකාරක පරිපථය තුල තියෙන්නේ ශීතකාරක. ශීතකාරකයක් කියන්නේ විශේෂ ගතිගුණ තියෙන ද්‍රවයක්. මෙම පරිපථයේදී වාශ්පීකාරකයට පසු සම්පීඩකයට ඇතුලු වන්නේ වායු තත්වයේ පවතින ශීතක්රකයි. මෙම ශීතකාරකය සම්පීඩකය මගින් සම්පීඩනයට ලක් කෙරෙනවා. එවිට එහි පීඩනය හා උෂ්ණත්වය ඉහල යනවා. මෙම අධි පීඩන හා අධි උෂ්ණත්ව වායුව ඝනීභවකයට ඇතුලු වෙනවා. අපි මුලදීම ඉගෙනගත්තා පීඩනය ඉහල යද්දී එහි තාපාංකයද ඉහල යන බව. ඇත්තටම මෙම අධි පීඩන තත්වයේදී සෙල්සියස් අංශක 50 දී පමණ මෙම මෙම අධි පීඩන වායුව ද්‍රව බවට පත්කරන්න පුලුවන්. මේ සදහා මෙම අධි පීඩන හා අධි උෂ්ණත්ව වායුව ඝනීභවකය තුලදී වේගවත් වායු ධාරාවක් යොදා ගෙන සිසිලනයට ලක්කෙරෙනවා. මෙහිදී ශීතකාරකයේ ඇති තාපය ඉවත්වී එය ද්‍රව තත්වයට පත්කවනවා.